Header Ads

බම්බලපිටියයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක්‌ පාසලේ ගුවන් පාලමෙන් පැනලා




බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක්‌ එම පාසලේ ගුවන් පාලමෙන් පෙරේදා (15 දා) පෙරවරුවේ මහා මාර්ගයට පැනීමෙන් දෙකකුලේ හා අතක අස්‌ථි බිඳී ගොස්‌ කොන්දට ද බරපතළ හානි සිදුවී තිබේ. පාසලේ ද්විතීයික අංශයත්,ප්‍රාථමික අංශයත් සම්බන්ධ කරන්නේ මෙම ගුවන් පාලම වන අතර පාසලේ ඇති වූ ගැටලුවක්‌ මත ඇය බිමට පැන ඇතැයි ඥතීහු පවසති. සිසුවිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ද නියමිතය.


බිමට පැනීමෙන් අසාධ්‍ය වූ ඇය මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය එම සිසුවියගෙන් ඊයේ



(16 දා) සවස ප්‍රකාශයක්‌ සටහන් කරගැනීමට නියමිතව තිබිණි. මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.