Header Ads

යස්‌මින් සුකාගෙන් හමුදාවට මඩගහන තවත් වාර්තාවක්‌..


ශ්‍රී ලංකා හමුදාව උතුරේ ස්‌ත්‍රී දූෂණ සිදුකිරීමේ කඳවුරු නමින් කඳවුරු පවත්වාගෙන යන බවට සාවද්‍ය වාර්තාවක්‌ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක වූ යස්‌මින් සුකා විසින් මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර ඇත. 

මේ බොරු වාර්තාව හමුදා නිලධාරීන් විසින් (23 දා) මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කර තිබේ. පෙබරවාරි 27 දා මානව හිමිකම් සමුළුව ආරම්භවීමට නියමිතව තිබියදී මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර මේ සාවද්‍ය වාර්තාවට ස්‌ත්‍රී දූෂණ සිදුවූ බවට කිසිදු පොලිස්‌ පැමිණිල්ලක්‌ යොමුකර නැත. එහෙත් මේ වාර්තාව ගැන මානව හිමිකම් සමුළුවේදී සාකච්ඡාවට ලක්‌වේ. මෙම වාර්තාව ඉදිරිපත්කර ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවට අවමන් කිරීමේ අරමුණින් බව හමුදා ආරංචි මාර්ග පවසයි.

රීටාගෙන් උතුරු වෙරළට අංචියක්‌

උතුරේ වෙරළාසන්න ප්‍රදේශ වලින් හමුදාව ඉවත්විය යුතු බවට නිර්දේශයක්‌ එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රීටා අයිසැක්‌ ඊයේ (24දා) ජිනිවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇත.

ඇයගේ මෙම නිර්දේශය උතුරේ වෙරළ තීරයේ ඇති නාවික හමුදා කඳවුරු ඉවත් කිරීමට දරන උත්සාහයකි.

එසේම ශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනයට අධිකරණ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීමට මෙතෙක්‌ ක්‍රියා නොකිරීම ගැනද ඇය මානව හිමිකම් සමුළුවට පැමිණිලි කර ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.