Header Ads

වලස්මුල්ලම හඬවා සරසවි සිසුවියක් අවසන් ගමනේ.

වලස්මුල්ල, පල්ලෙකන්ද පාර පදිංචිව සිටි පියුමි සිතාරා උදයංගනී (අවු. 21) යනු සහජ කුසලතා වැඩිදියුණු කර ගනිමින් දීප්තිමත් අනාගතයක් කරා පියවර එසවූ දක්ෂ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි.
හ/වලස්මුල්ල ජාතික පාසලෙන් සිප්සතර හැදෑරූ ඇය අ. පො. ස. (සා. පෙළ) සහ අ. පො. ස. (උ. පෙළ) විභාගයන්ගෙන් එක්වරම විශිෂ්ට ලෙස සමත් වූවාය. දීප්තිමත් ශිෂ්‍යාවක වූ ඇය අ. පො. ස. (උ. පෙළ) විභාගය විශිෂ්ට ලෙස සමත්ව 2016 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළුවූයේ ප්‍රාර්ථනා ගොන්නක් පොදි බැඳගෙනය. එහෙත් අනාගතයේදී ප්‍රදේශයටම මහඟු මෙහෙවරක් කිරීමේ හැකියාවක් තිබූ පියුමි සිතාරා සිසුවිය මේ වන විට මෙලොවින් සමුගෙන හමාරය. මඟ දෙපස ලෙළදෙනා සුදු කොඩි සලකුණු ඔස්සේ වලස්මුල්ල පල්ලෙකන්ද පාරේ ඇයගේ නිවස කරා දහස් සංඛ්‍යාත පිරිසක් ඇදී එන්නේ අභාග්‍යසම්පන්න ඉරණමකට ගොදුරු වූ විශ්වවිද්‍යාල සිසුවියට ශෝකය පළකිරීමටය.

ඩබ්ලිව්. ඒ. වීරරත්න මහතා පියුමිගේ පියාණන්ය. මව ලතා මහත්මියයි. මේ හදිසි වියෝව ඒ දෙදෙනාට නම් කිසිසේත්ම දරාගත නොහැක. එකම මල්ලී ෂෙරාන් (අවු. 18) හ/ වලස්මුල්ල ජාතික පාසලේ ඉගෙනුම ලබන ඉතා දක්ෂ සිසුවෙකි. පියුමි සිතාරා විශ්වවිද්‍යාලයේ පළමු වසරේ විභාගයට ඉදිරිපත්ව එක් විෂයකට පමණක් මේ වන විට ලියා ඇත. එයට B සාමාර්ථයක් ලබා ඇත. ඇය බලාපොරොත්තු වූයේ A සාමාර්ථයකි. ඉතිරි විෂයට සූදානම් වීමට ඇයට නිවසට ඇවිත් පාඩම් කරමින් සිට ඇත. ඇය පළමු විෂයට A සාමාර්ථයක් බලාපොරොත්තු වී B සාමාර්ථයක් ලැබීම ගැන කළකිරීමක් තිබුණා ද විය හැකිය. පසුගියදා දවල් මව පොළට ගියාය. මල්ලි පංති ගොස්ය. පියා ද නිවෙසින් බැහැරව සිට ඇත. දියණිය පාඩම් කරන අතරේ අම්මා පොළට ගියේ දරුවන්ට රසට කෑම හදන්න කළමනා ගෙන ඒම සඳහාය. මව ගෙදරට එන විට දියණිය නිවසේ නොසිටි හෙයින් දියණිය සොයා මව ඒ මේ අත දිවයන්ට පටන් ගත්තාය. පැය ගණනක් සොයා බැලුවත් සිදුවූයේ කුමක්දැයි සිතා ගනු නොහැකිවාක් මෙන් ගොළු වී සිටියාය. සැබවින්ම කුමක් සිදුවීද යන්න සැවොම ප්‍රශ්න කරති.

පැය 2 - 3 ක් තම දියණිය සොයා අවසානයේ අසල තිබූ ළිඳ ළඟට ගොස් බැලීමේදී ඇයගේ සෙරෙප්පු දෙක ඒ අසල තිබීම නිසා සැක පහළ වී තිබේ. පසුව ළිඳ පරීක්ෂා කිරීමේදී ඇය ළිං පතුලේ සැඟවී සිට ඇත. බඹ 5 ක් පමණ ගැඹුරු ළිඳකට පැන සියදිවි තොරකර ගැනීමට ඇයට කිසිදු හේතුවක් තිබී නොමැත. තරුණ තරුණියන් මියගියාම අද කියන්නේ ප්‍රේම සම්බන්ධතා නිසා යැයි කියාය. එහෙත් මැයට එවැනි ප්‍රශ්නයක් ද නොමැති බව පවුලේ අය පවසති. ඇය පාඩම් කරන මේසය මත මනෝ විද්‍යාත්මක පොතක් කියවමින් සිට ඇති බව ද පවුලේ අය පැවසීය. ඇයට ක්ෂණිකවම මානසික ආතතිය උත්සන්න වුවාද යන්න කිසිවකු නොදනී.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)වලස්මුල්ල, පල්ලෙකන්ද පාර පදිංචිව සිටි පියුමි සිතාරා උදයංගනී (අවු. 21) යනු සහජ කුසලතා වැඩිදියුණු කර ගනිමින් දීප්තිමත් අනාගතයක් කරා පියවර එසවූ දක්ෂ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.