Header Ads

ලෝකල් කිම්ගේ වීඩියෝවක් එළියට


“ලෝකල් කිම්” (Local Kim) ලෙස හඳුන්වන නව පරපුරේ ජනප්‍රිය ගායිකාවක්වන් නටාෂා රත්නායක සිය නවතම මියුසික් වීඩියෝව පෙරේදා (21) යූ ටියුබ් වෙත මුදාහැර ඇත.

මේ වන විට ද එම වීඩියෝව විසිනම දහසකට වැඩි පිරිසක් යූ ටියුබ් හරහා නරඹා තිබේ.

එහි අධ්‍යක්ෂකවරයා වනුයේ ලක්ෂාන් එදිරිසිංහ වන අතර නිෂ්පාදනය අර්ෂාඩ් නජුඩීන් විසින් සිදුකර තිබේ.

සංගීත අධ්‍යක්ෂනය පසන් ලියනගේ විසින් සිදුකර ඇති මෙම ගීතය නතාෂාගේම පද රචනයක්වීම විශේෂිතය.

ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ රෝහිත ජයලත් ද මෙම මියුසික් වීඩියෝවට සිය ගායනයෙන් සහ රංගනයෙන් දායක වී තිබේ.

ප්‍රයිම් මීඩියා සමාගම විසින් රූප රචනය කර ඇති මේ වීඩියෝවේ නවීන තාක්ෂණික ක්‍රමෝපාය යොදා ගනිමින් විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග රැසක් ඇතුලත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට Arri alexa කැමරාවක් යොදාගනිමින් රූගත කල මියුසික් වීඩියෝව මෙය වන අතර රුපියල් ලක්ෂ 20ක් පමණ වියදම් කරමින් මෙය නිර්මාණය කර තිබේ.

නටාෂාගේ මියුසික් වීඩියෝව පහත දැක්වේ.


3 comments:

  1. යකෝ දැන් ලංකාවත් හරි දියුනුයි නේ..

    ReplyDelete
  2. ඔහ්.. අම්මෝ නතාෂා මගේ පපුව... නැව..තු..නා.. වගේ...

    ReplyDelete
  3. පිස්සුද මන්දා මුන්ට. මටනම් ඕකේ ඇති දෙයක් නැහැ.

    ReplyDelete

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.