Header Ads

'EPF අරමුදල් භාවිත කරමින් සිදු කළ ජාවාරමෙන් බිලියන 8.5 ක පාඩුවක්


බැදුම්කර මිල දී ගැනීම සදහා සේවක අර්ථ සාධක අරමුදලේ අරමුදල් භාවිත කරමින් සිදු කල ජාවාරම හේතුවෙන් එම අරමුදලට රුපියල් බිලියන 8.5 ක පාඩුවක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන විමර්ශනයක මුලික අදියරේ දී හෙළිව ඇතැයි දුෂණ විරෝධී පෙරමුණ පවසයි.

රු. 70 ක මුදලකට පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය විසින් මිල දී ගත් බුදුම්කර රු. 85 ක මුදලකට ෆැන් ඒෂියා, ඩීඑෆ්සීසී සහ වෙල්ත් ට්‍රස්ට් යන වෙත විකුණා ඉන් පසුව එම ආයතන හරහා එම බැදුම්කර රු. 90 ක මුදලකට සේවක අර්ථසාධක අරමුදල වෙත අලෙවි කොට ඇත.

අරමුදල රු. 90 ට බැදුම්කර මිල දී ගැනීමෙන් දිනකට පසුව නැවත බැදුම්කරයක මිල රු. 70 ක ස්ථාවර අගයකට පත් කොට ඇත. 

ඒ අනුව, අරමුදලට රු. 70 කට මහ බැංකුවෙන් මිල දී ගැනීමට හැකියාව තිබූ බැදුම්කරයක් රු. 90 කට අර්ජුන් ඇලෝසියස් ගේ සමාගම හරහා මිලදී ගැනීම මගින් එක් ඒකකයකින් රු. 20 පාඩුවක් සිදුව ඇත. 

එමගින් අරමුදල ලැබූ ඝෘජු පාඩුව රුපියල් බිලියන 8.5 කි. 

මෙම මුදලට අමතරව පොලී සහ වෙනත් වියදම් ලෙස තවත් රුපියල් කෝටි ගණනක පාඩුවක් මෙම ගණුදෙණුව නිසා අරමුදලට සිදුව ඇත.

පුද්ගලික අංශයේ සේවය කරන ලක්ෂ 65 ක සේවක පිරිසක් සතු සමාජ ආරක්ෂක භාරය සේවක අර්ථසාධක අරමුදල යි. 

බැදුම්කරය වංචාවට සම්බන්ධ පාර්ශවයන් සමග සෘජුව ගණුදෙනු කරන බැවින් වෘත්තීය සමිති ගණනාවක් තම සාමාජිකයින්ගේ අයිතිවාසිකම් පිළිබද හඩක් ඉදිරිපත් නොකර සිටිති. 

ලංකා ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාව බවට පත් බැදුම්කර මගඩිය සදහා විශාලතම ප්‍රතිපාදන සැපයීම සිදු කොට ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.