Header Ads

Phone එකෙන් ආදරේ කරලා විවාහ වෙන්න පොරොන්දු දුන්නු හොර පොලිස් ලොක්කා මාට්ටු වුණු හැටි


අපේ අනන්‍යතාවය සහතික කරන හැඳුනුම්පත නැති වුණොත් ඉක්මනට පොලීසියේ පැමිණිල්ලක් දාන එක තමයි හොඳම දේ.

එහෙම නොවුනොත් මානසික අසහනයෙන් පෙළෙන සමහර පුද්ගලයින් විසින් එය වැරදි ආකාරයට භාවිතා කරන්නට පුළුවන්.

කඩවත ප්‍රදේශයෙන් එවැනි සිදුවීමක් නිසා කරදරේ වැටුණු තරුණියක් පිළිබඳ පුවතක් ආරංචි වුණා.

මෙම තරුණියත් සමඟ ජංගම දුරකථනයෙන් කාලයක් තිස්සේ සම්බන්ධතා පවත්වා පසුව ඇයව විවාහ කර ගැනීමට අවශ්‍ය බව ඇගේ මවට කියා තිබෙනවා.

අදාල පුද්ගලයා තවත් යහළුවන් කිහිපදෙනෙකු සමඟ තරුණිය සිටින නිවසට ගොස් තමා පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ප්‍රධානියා බවත්, අදාල තරුණිය විවාහ කරගැනීමට කැමති බවත් යෝජනා කර තිබෙනවා.

ඔවුන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ සේවය කරන බවට හැඟවීමට මිලදී ගත් හමුදා ඇදුමෙන් සැරසී සිටින ඡායාරූපද පෙන්වා තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ප්‍රධානියා යැයි පෙනී සිටි මෙම පුද්ගලයාට රැවටුණු තරුණියගේ මව ද එම යෝජනාවට කැමතිවී තිබෙනවා. 

තරුණියගේ මව මෙම යෝජනාව පිළිබඳ විදෙස් රටක සේවය කරන සැමියාට පවසා ඇති අතර ඔහුට මේ පිළිබඳ සැක පහළ වීම නිසා මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට ලංකාවට ඒමට තීරණය කරලා.

ඔහු ලංකාවට පැමිණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයට ගොස් එහි ප්‍රධානිය හමුවී බිරිඳ පැවසූ තොරතුරුවල ඇත්ත නැත්ත සොයා බලා තිබෙනවා. 

එහිදී අනාවරණය වී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ එවැනි පුද්ගලයෙකු නොමැති බවයි.

පසුව පොලීසිය විසින් සිදුකරන ලද සූක්ෂම මෙහෙයුමකින් පසු ඔහුට අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණා.

පොලීසිය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීමකදී අනාවරණය වී ඇත්තේ 2008 වසරේදී පාරේ තිබී අහුලාගත් හැඳුනුම්පතකින් මිලදී ගත් සිම්පතක් උපයෝගී කරගෙන මෙම තරුණිය සමඟ සම්බන්ධතාවයක් ඇති කරගත් බවත්, පසුව ඇයගෙන් මුදල් ගැනීමේ අරමුණින් මෙම බොරුව පැවසූ බවත්ය.

එසේම ඒ වන විට ඔහු විවාහක දරුවෙක් ඉන්නා පියෙක් බවත් අනාවරණය වී තිබෙනවා.


(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.