Header Ads

පැටවුන්ට පැනගන්න ඉඩදී චීටාවන්ට ගොදුරු වූ මුව අම්මා – හැමෝම රැවටුණු බුකිය කැළඹූ ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න (PHOTOS)


මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලයේ හරි අපූරු ඡායාරූපයක් හුවමාරු වෙමින් තිබෙනවා.ඒ ඡයාරූපයෙන් දැක්වෙන්නේ චීටාවන් දෙදෙනෙක් මුවෙකු දඩයම් කරන්න සැරසෙන අවස්ථාවක්..

මෙයට දශකයේ හොඳම ඡායාරූපය යන සම්මානය ලැබුණු බවත් මෙය ඡායාරූපයට හසුකරගත් ඡායාරූප ශිල්පියා මානසික ආතතියට පත්වුණු බවත් එම ඡයාරූපයේ දැක්වෙනවා.

එ්කේ තියන විදියට චීටාවන් රංචුවක් මුවන් රංචුවක් පසු පසු හඹාගෙන ගිහිල්ලා..චීටාවන්ගෙන් බේරිලා මේ මුව අම්මාට දිවි බේරගන්න අවස්ථාවක් තිබුණත් ඇය තම පැටවුන්ට පැනගන්න අවස්ථාව ලබාදීලා ඇය චීටාවන්ට හසුවුණා කියලා එම ඡයාරූපයේ දැක්වෙනවා

කොහොම වුණත් මේ කතාව සාවද්‍ය එකක් බවටයි කරුණු අණාවරනය වෙන්නේ.

මෙය ඡායාරූපයට නැගූ ඡායාරූප ශිල්පියා පවසන ආකාරයට මෙය කෙන්යාවේ මසයි මරා කියන වනෝද්‍යානයේදී 2013 වසරේ සිදුවූ සිදුවීමක්.

මෙය  චීටා මව විසින් ඔවුන් හසුකරගත් ගොදුර සිය චීටා පැටවුන්ට මරා දැමීමට උගන්වන අවස්ථාවක් බවයි එම ඡායාරූප ශිල්පියා කියලා තිබුණේ.











No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.