Header Ads

SAITM ප්‍රධාන විධායක නිලධාරියාගේ නාටකය හෙළිවෙයි : සැකකරු රිමාන්ඩ්


මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්නට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අදාළ සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු පිස්තෝලයක්, රිවෝල්වරයක් සහ වෙඩි තැබීමට පැමිණි බව කියන යතුරුපැදියක් ද සමගින් ඊයේ අත්අඩංගුවට ගැනිණ.

මීට අමතරව සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින යුධ හුමුදා විශේෂ බලකායේ හිටපු සෙබළෙකුගෙන් ද විමර්ශන නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

මෙම සිදුවීම අදාළ ප්‍රධාන විධායක නිලධාරියාට ජීවිත අවදානමක් ඇති බවට හුවා දැක්වීම සඳහා ව්‍යාජව සැලසුම් කරන ලද්දක් බවට දැනට සිදු කරමින් යන විමර්ශනවලදී හෙළි වී තිබේ.

සැලසුමට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රාදේශීය සභා මන්‍ත්‍රීවරයෙකු සහ පළාත් පාලන අයාතන රියැදුරුවරයෙකු ද අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එම පුද්ගලයින් දෙදෙනා මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර අදළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සමීර සේනාරත්න සමීප ආශ්‍රය කළ අයෙකු බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත්  සඳහන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී වෛද්‍ය සමීර සේනාරත්නගෙන් ද පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රතාශයක් සටහන් කර ගෙන තිබේ.

අදාළ ප්‍රධාන විධායක නිලධාරියාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවට සිද්ධිය වාර්තා වූයේ, පසුගිය පෙබරවාරි 6 වන දා රත්‍රීයේ ය.

සිද්ධිය වූ දිනයේ ඔහු පවසා පැවසුවේ, මුහුණු ආවරණය වන ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු සිය මෝටර් රථයට වෙඩි තැබූ බව ය.

වෛද්‍යවරයාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාර 6ක් එල්ල වී තිබුණ ද ප්‍රහාරයෙන් ඔහුට හානියක් සිදු නොවීය.

සිද්ධියෙන් පසු මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ නිවසට පොලිස් ආරක්ෂාව ලබා දීමට ද පියවර ගැනිණ.

වෙඩි තැබීමේ සිද්ධියට අදාළ දර්ශන….

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.