Header Ads

ඇඳන් හිටපු ඇඳුම් ගලවලා ,පුච්චලා දික්කසාදෙ සමරපු කාන්තාවක් - Video - Photos


කාන්තාවකගේ ලොකුම හීනේ ඇගේ විවාහයයි. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ විවාහ ඇඳුම පවා තීරණය කරන්නේ විවාහයට මාස ගණනක සිටයි. එත් මේ කතාව ටිකක් වෙනස් එකක්.

ඩොලර් $1,500 වටින තමන්ගේ විවාහ ඇඳුමට ගිනි තියලා සිය විවාහ දිවිය අවසන් කරපු කාන්තාවක් ගැන විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

අගේ නම කැත්ලින් මැකී(Katlynn McKee). කැත්ලින් විවාහ වෙලා තියෙන්නේ මීට අවුරුදු 10කට කලින්.විවාහ වෙන්න කලින් වසර ගණනාවක් ඔවුන් ආශ්‍රය කරලත් තිබුණා. එම විවාහයෙන් ඇයට දියණියක්ද සිටින බවත් පැවසෙනවා.

කොහොම හරි ඇය විවාහ දිවියට තිත තැබුවේ ඇගේ විවාහ ඇඳුමට ගිනි තියලයි.

මේ අවස්ථාව ඇය ඡායාරූප ගෙන අන්තර්ජාලයට එක්කර තිබීමද විශේෂත්වයක්.

කොහොම වුනත් මේ කරපු දෙයින් ඇගේ කටුක විවාහ දිවියට සැනසිල්ලක් වෙන්න ලැබුණා කියලයි වයිනුත් බීලා දික්කසාදය සමරපු කැත්ලින් කියලා තියෙන්නේ.

එම ඡායාරූප සහ වීඩියෝව පහතින් බලන්න











(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.