Header Ads

හොලිවුඩ් පුරයම අන්ද මන්ද කරමින් ඔස්කාර් සම්මාන උළෙලට කළු පැල්ලමක් එකතු වු හැටි - video


ලෝ ප්‍ර‍කට මහා සිනමා සම්මාන මංගල්ලය වන ඔස්කාර් සම්මාන උළෙල ඊයේ (26) පැවැත්වුණා. එහිදී මෙතෙක් ඔස්කාර් සම්මාන ඉතිහාසයේ සිදු නොවූ විශාල වරදක් සිදුවූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ඒ වෙනත් චිත්‍ර‍පටයක් හොඳම චිත්‍ර‍පටය ලෙස නිවේදනය කිරීම හේතුවෙන්.

හොඳම චිත්‍ර‍පටය ලෙස නිවේදනය කෙරුනේ la la land චිත්‍ර‍ටයයයි. එහෙත් සත්‍ය ලෙසම එම සම්මානය හිමිව තිබුණේ Moonlight චිත්‍ර‍පටයටය. සංවිධායකයින්හට වරද තේරෙන විට සම්මානලබා ගැනීමට la la land චිත්‍ර‍පටය දායක වූවන් වේදිකාව මතට නැග හමාරය.

බැරී ජෙන්කින්ංග්ස් අධ්‍යක්ෂණය කළ Moonlight චිත්‍රපටය හොඳම චිත්‍රපටය, හොඳම සහය නඵවා හා හොඳම තිරරචනය යන සම්මාන තුන දිනාගැනීමට සමත් විය .හොඳම සහය නඵවා වූයේ මහෙර්ෂලා අලිය. එම අංශයෙන් ඇකඩමි සම්මානයක් හිමිකරගත් පළමු මුස්ලිම් ජාතිකයා ලෙස ඔහු ඉතිහාසයට එක් වනවා. 

ඩොලර් මිලියන 1.5 වැය වූ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 25.2ක ආදායමක් උපයා ගැනීමට සමත් තිබෙනවා. මුන්ලයිට් බ්ලාැක් බෝයිස් ලුක් බ්ලූ නම් ඇමෙරිකානු නාට්‍ය ඇසුරින් නිපදවන ලද මෙම චිත්‍රපටය තරුණයන් දෙදෙනකු වටා ගෙතුනකි.

la la land ද සම්මාන උළෙලේ සම්මාන රැසකට හිමිකම් කියූ චිත්‍ර‍පටයක් වනවා.



89 වන ඔස්කා සම්මාන උළෙලේදී එමා ස්ටෝන් හොඳම නිලිය ලෙස සම්මාන හිමි කර ගත්තේ La La Land චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි.

එමෙන් ම La La Land චිත්‍රපටයේ තේමා ගීතය වන සිටි ඔෆ් ඩාන්ස් හොඳම චිත්‍රපට ගීතය ලෙස සම්මානයට පාත්‍ර විය.

2017 ඔස්කා සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවේ, කේ.සී. ඇෆ්ලේක් ය.

ඒ Manchester by the Sea චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි.

Fences හොලිවුඩ් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම සහය නිළිය ලෙස වියෝලා ඩේවිස් සම්මාන හිමි කර ගත්තේ ය.
මයේෂාලා අලී හොඳම සහය නළුවාට හිමි ඔස්කා සම්මානය හිමි කර ගත්තේ, Moonlight චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි.
O.J.: Made in America හොඳම වාර්තාමය චිත්‍රපටය ලෙස සම්මාන හිමි කර ගත්තේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.