Header Ads

ෆේස්බුක් වාරණයට සූදානම්..!! ජනමාධ්‍ය ලේකම් කියයි (VIDEO)


ෆේස්බුක් සමාජ ජාලා අඩවිය මගින් සිදුකරන අපහාස සම්බන්ධයෙන් වූ පැමිණිලි ඉහළ ගොස් ඇති බවත්, අත්හදා බැලීමක් ලෙස එක් දිනකට ෆේස්බුක් අත්හිටුවා බැලීමට සිත්වන බවත් ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ජනමාධ්‍ය ලේකම්වරයා පැවසුවේ හානිකර තත්ත්වයකදී ෆේස්බුක් සමාජ ජාලය වාරණය කළ හැකි අතර ඊට උවමනා තාක්ෂණය විදුලි සංදේශ කොමිෂන් සභාව සතු බවයි.

කෙසේ වෙතත් හෙට ගැන සිතා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජයට සිදුව ඇතැයිද කී ඔහු ඒ පිළිබදව දැනට සාකච්චාවක් පවතින බවත් එය ෆේස්බුක් තහනම් කිරීමට නොවන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.




මේ අතරම ෆේස්බුක් නිදහස ඉල්ලා ආරම්භ කල පිටුවක්ද ෆේස්බුක් හී දක්නට ලැබෙයි.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.