Header Ads

වීරවංශගේ රංගනය අසාර්ථකවෙයි – අප්‍රේල් 03 දක්වා යලි වැලිකඩට.


රක්ෂිත බන්ධනාගාර ගතව උපවාසයක නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුගේ නීතිඥයින් විසින් මෝසමක් මාර්ගයෙන් අද(24) යළි ඇප අයදුම්පතක් ඉදිරිපත් වී තිබේ.

අප ඊයේ වාර්තා කල පරිදිම විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දියණිය මේ වන විට මානසික අවපීඩනයට ලක්ව  රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පෙන්වා දී ඇති එම නීතිඥවරුන් දියණියගේ රෝගී තත්ත්වය සුවිශේෂි කරුණක් ලෙස සලකා මන්ත්‍රීවරයාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ඇත. ඊයේ දිනයේ ඔහුගේ දරුවන් දෙදෙනා හදිසියේම රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් පසුව ඔහුගේ දියණිය කොළඹ රිජ්වේ ආර්යා රෝහලට මාරුකර එවා ඇති අතර වීරවංශ හට ඇප ලබාගැනීම සඳහා තම දරුවන්ද සාදකයක් කරගැනීමට කරන ලද උත්සාහය මෙවරද අසාර්ථකවී තිබේ.

මීට පෙර අවස්ථා දෙකකදී විමල් වීරවංශ විසින් තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණටත් කොළඹ මහාධිකරණයටත් ඇප අයදුම්පත් ගොනු කළද නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධය පලකලද අදදින නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඇප ඉල්ලිමට විරෝධය පලකලේ නැත. කෙසේවෙතත් එම ඇප ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඒ පිළීබඳ අද දින තින්දුවක් ලබානොදී අප්‍රේල් මස 03 වන දින නඩුව කල්තබන ලදි.

ඒ අනුව තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය බදාදා දිනයේ සිට බන්ධනාගාරය තුළ ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කලද ඔහුගේ එම උත්සාහය අද දිනද සඵලවුයේ නැත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.