Header Ads

දැරණියගල ද්විත්ව ඝාතනයේ සැකකරු දින 2ක මෙහෙයුමකින් පසු අල්ලා ගනී.


දැරණියගල, මාගල ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරු ශ්‍රීපාද රක්ෂිතයේ සැඟවී සිටියදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. දින 2කක් තුළ පොලිස් කණ්ඩායම් 5ක් යොදවා සිදු කළ පරීක්ෂණයේදී මොහු අත්අඩංගුවට ගැනිණ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 10.00 පමණ ශ්‍රීපාද රක්ෂිතයේ සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව ය.

සැකකරු දැරණියගල මාගල ප්‍රදේශයේ පදිංචි 19 හැවරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 7 වන දා ඝාතනයට ලක් වූයේ, 7 හැවිරිදි දැරියක සහ 45 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය 6 වන දා රාත්‍රී මාගල නිවසකට ඇතුළු වූ එම සැකකරු නිවසේ සිටි 7 හැවිරිදි දැරියක සහ 45 හැවිරිදි එම දැරියගේ ඥාතියෙකු කපා කොටා ඝාතනය කර තිබිණ.

අදාළ පුද්ගලයා දැරියගේ මවට ද තියුණු ආයුධවලින් පහර දී ඇති අතර ඇය ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ, පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතන සිදුකර ඇති බවයි.

දැරණියගල, මාගල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී කුඩා දැරියක් අතුළු දෙදෙනෙකු ඝාතනයේ සැකකරු හඳුනා ගැනේ #lka #Daraniyagala #Crime #News1st
Posted by Newsfirst.lk on Tuesday, March 7, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.