Header Ads

2015 ජිනීවාහිදී සම්මත වූ යෝජනාවලිය මුළුමුනින්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව එකඟ වෙයි


2015 වසරේ ඔක්තෝබර් මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ යෝජනාවලිය මුළුමුනින්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව එකඟ වී තිබේ.

මේ බව අනාවරණ කෙරුණේ යුරෝපා ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමක් යටතේ ක්‍රියාත්මක යහපාලන, නීතියේ ආධිපත්‍ය හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කමිටුවේ ඒකාබද්ධ කමිටුවේ රැස්වීමකින් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයකින් ය.

එම නිවේදනයට අනුව අදාළ ක්‍රියාකාරී කමිටුවේ දෙවන රැස්වීම ඊයේ සහ අද කොළඹ පැවැත්වී තිබේ.

අදාළ නිවේදනයට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් ක්‍රියාකාරී කමිටුව හමුව තිබේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා තහවුරු කර ඇත්තේ අදාළ ක්‍රියාකාරී කමිටුවෙන් ආවරණය වන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයෑමට තමන් දේශපාලන වශයෙන් කැපවන බව ය.

එමෙන්ම 2015 වසරේ ඔක්තෝබර් මස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මතවූ යෝජනාවලිය මුළුමුනින්නම ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ.

එහිදී යුරෝපා සංගමය සහතික වී ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍ය අනුග්‍රහය ඇතුළු පහසුකම් ලබා දෙන බවටයි.

ජී.එස්.පී. බදු සහනයට අදාළව ද දෙපාර්ශවය අතර සාකච්ඡා සිදු වූ බව නිවේදනයේ සඳහන් ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.