Header Ads

21ක් මිය ගිය බස් අනතුරේ, 55 වියැති රියදුරුට අවුරුදු 13කට පසු වසර 37 හමාරක සිරදඬුවමක්


කුරුණෑගල මහාධිකරණය විසින් ඉතිහාසයේ ලබා දුන් දිර්ඝතම සිරදඬුවම අද ලබා දුන්නා.

එකල ලංගම බස් රථ රියදුරෙක් ලෙස කටයුතු කර 55 හැවිරිදි පුද්ගලයෙකුට එම සිරදඬුවම් නියම කර තිබෙනවා.

කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විසින් වසර 37 හමාරක බරපතල වැඩ සහිත, මෙම සිරදඬුවම නියම කර අති බවයි වාර්තා වන්නේ.

2003 වසරේ ජුලි මස 04 වන දින  කුරුණෑගල, ගොකරැල්ල, දීයාව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මී ගසක වැදීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙක් එම ස්ථානයේදීම මියගොස් 44 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.

පසුව මරණ 21 දක්වා ඉහළ ගොස් ඇති අතර කෙසේ වෙතත් අධිකරණයට වාර්තා වී ඇත්තේ මරණ 14ක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරෙන් සිදුවූ මරණ 14 වෙනුවෙන් අදාල පුද්ගලයාට අවුරුදු 28ක් සහ බරපතල තුවාල සිදුකිරීම වෙනුවෙන් වසර 09 හමාරක් මෙලෙස සිරදඬුවම් වශයෙන් නියම කර තිබෙනවා.

අප වාර්තාකරු වැඩි දුරටත් පැවසුවේ වසර 13ක කාලයක් විනිසුරුවරයන් 07 දෙනෙකු යටතේ මෙම නඩුව විභාගයට ගත් බවයි.  

(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.