Header Ads

තරුණියකගේ ලක්ෂ 23කට තට්ටු කළ FM නිවේදකයා අවුරුද්දකට හිරේ


විවාහ පොරොන්දු දී තරුණියකගෙන් ලක්ෂ 23ක මුදලක් ලබාගෙන වංචා කළ ගුවන් විදුලි නිවේදකයකු වසරක කාලයකට සිරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (28දා) නියෝග කළා. ඊට අමතරව රුපියල් 2500ක දඩයක්ද කොටුව මහේස්ත්‍රාත්වරිය එම පුද්ගලයාට නියම කළා.

මෙරට ප්‍රසිද්ධ ගුවන් විදුලි නාළිකාවක දෙමළ අංශයේ නිවේදයකු වන ඔහුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා වූයේ දෙමළ තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් ඇයව විවාහ කරගන්නා බවට පොරොන්දු වී ලක්ෂ 23ක මුදලක් ලබාගෙන මුදල් වංචා කිරීමය.

එම ලක්ෂ 23ක මුදලින් ලක්ෂ 7 1/2ක මුදලක් එම පුද්ගලයා පැමිණිලිකාර තරුණියට පසුව ගෙවා ඇති අතර තවත් ලක්ෂ 4ක මුදලක් අධිකරණයේදී ඊයේ (28දා) ගෙවනු ලැබුවා. පැමිණිලිකාරිය විදෙස් රටක අධ්‍යාපනය ලැබූ තරුණියක් වන අතර විදෙස් අධ්‍යාපනය ලබන අතරතුර උපයනු ලැබූ මුදල් එලෙස වංචාසහගතව විත්තිකරු විසින් ලබාගෙන ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.