Header Ads

සුළං තත්ත්වයක් හේතුවෙන් බගවන්තලාවේ වතු නිවාස 24 කට හානි.


අධික වර්ෂාවත් සමග හමා ගිය තද සුළඟකින් බගවන්තලාව, ඩන්සින් වත්තතේ වතු නිවාස 24 කට හානි සිදු වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම නිවාසවල සිටි පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව ය.

ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරී මගින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා තිබෙන අතර කෙසේ වෙතත් තව දුරටත් බගවන්තලාව ආශ්‍රිත ප්‍රදේශ වලට වැසි ඇද හැළෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

මේ අතර තද වැසි හේතුවෙන් මස්කෙළිය නගරයේ ද නිවාස 10ක් ජලයෙන් යට වී තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.