Header Ads

බුද්ධ දේශනාව සැබෑ කරමින් වසර 2500 කට පසු ලංකාවෙන් මතුවූ ස්වයංජාත ඇල් වී (VIDEO)


දිගුකලක්‌ ඇවෑමෙන් මහ පොළොව මෙපිට විවිධ තුරුලතා හටගැනීම ආරම්භ විය. ඒ වන විට බදුලතා වැල් විනාශ වී යැමේ තර්ජනය එල්ල විනි. ඒ අතරතුර ස්‌වයංජාත ඇල්වී නම් ගොයම් වර්ගයක්‌ ශීඝ්‍රයෙන් බෝවන්නට විය. එහි වී කරල ඉතා විශාලය. පොත්තක්‌ද නැත. සවිමත් බවක්‌ද නැත. ප්‍රසන්න සුවඳ මෙන්ම කිරි රස මිශ්‍ර මධුර රසයෙන් යුක්‌ත විය. මෙය කා බැලූ මානවායට බදුලතා වැල්වලට වඩා රසවත් බව දැණුනේය. නෙළාගත් සැණින් බත් මෙන් අනුභව කිරීමට හැකිවූ බැවින් දැඩි විශේෂත්වයක්‌ මානවයා තුළ ඇතිවිය. කලක්‌ ගතවන විට මෙම ස්‌වයංජාත ඇල්වී වැවුණ විශාල බිම් ප්‍රමාණයන් ශක්‌ති වන්තයන් ග්‍රහණය කළෝය. වැඩියෙන් ආහාරය නිසා ඇන කොටා ගැනීම්, මරා ගැනීම්ද වර්ධනය විය. එසේ මිනිසාගේ තෘෂ්ණාව මිහිමඬල තුළ ලියලා වැඩෙද්දී සොබාදහම වෙනස්‌ විය. එනිසා නෙළාගත් සැණින් බත් මෙන් අනුභව කළ ස්‌වයංජාත ඇල් වී ඇටවලට පොත්තක්‌ හටගත් හා මෙන්ම බත් ඇටයද ඝන වී හාල් ඇට බවට ක්‍රමයෙන් පත්විය. දැන් නෙළාගත් සැනින් ස්‌වයංජාත ඇල්වී අනුභව කළ නොහැක. පොත්ත ඉවත් කරගත යුතුය. එසේම තම්බාගත යුතුය. මේ සඳහා ඉතාමත් දැඩි දුෂ්කරතා මතුවිය. කල්යත් යත්ම එම ගැටලු විස¹ ගැනීමට මානවයා සමත් විය. ගින්දර සොයාගැනීම බඳුන් සැකසීම වැනි කාර්යයන් බහුල වෙමින් සොබාදහම මිනිස්‌ නුවණට ඉඩ දුන්නේය.
– අග්ගඤ්ඤ සූත්‍රයේ එන සංක්‍ෂිප්ත සටහනකි.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.