Header Ads

සබීතාගේ භාවිතයට නොගත් ගොඩනැගිල්ලට දුමින්ද ලක්ෂ 2700 ක් ගෙවලා.


කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා අමාත්‍ය දුමින්ද දිසානායක විසින් ජනප්‍රිය නිළි සබීතා පෙරේරාට අයත් බත්තරමුල්ලේ පිහිටි ගොඩනැගිල්ලකට භාවිතයට නොගෙන මාස 11ක් සඳහා කුලිය ලෙස රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් ගෙවා ඇතැයි ඊයේ(23) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

එම ගොඩනැගිල්ල සඳහා එක් මසක කුලිය රුපියල් ලක්ෂ 245ක් බවට එහිදි කියැවිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දුන් පිළිතුරකින් මේ බව අනාවරණය විය.

රාජ්‍ය අමාත්‍යංශවල කාර්යාල පවත්වාගෙන යාමට මාසිකව  රුපියල් කෝටි 150ක් පමණ මාසිකව වැය වන බවත් මේ වන විට ඉන් රුපියල් කෝටියක් පමණ අත්තිකාරම් වශයෙන් ගෙවා ඇති බවත් අමාත්‍යවරයා කීවේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.