Header Ads

3 දෙනෙකුට මරු කැඳවූ රිය අනතුරකින් පසු මොරටුව නොසන්සුන් වෙයි (VIDEO)


අද පස්වරුවේ මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් බස් නැවතුමක සිටි පුද්ගලයින් තිදෙනෙක් මිය ගියහ.

බස් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවිණි.

පොලීසිය පැවසුවේ, බස් රථය ලොරියේ ගැටීමෙන් පසු ලොරි රථය ඉදිරියට තල්ලු වී ගොස් ඇති බව ය.

පසුව අසල බස් නැවතුමක සිටි පිරිසක් ඊට යටවී තිබූ අතර මිය ගොස් ඇත්තේ, එම බස් නැවතුමේ සිටි තිදෙනෙකි.

එනම් ඔවුන් වයස 68 හැවිරිදි පුද්ගලයෙක්, 60 හැවිරිදි කාන්තාවක් සහ 15 හැවිරිදි ගැහැණු ළමයෙක් මෙලෙස මිය ගිය අතර ඔවුන් මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

අදාළ සිදුවීමෙන් පසු මොරටුව පොලීසිය අසලදී නොසන්සුන්තාවක් ඇති විය.

කෙසේ වෙතත් මේ වන විට එම නොසන්සුන්තාව පාලනය කර තිබේ.

http://newsfirst.lk

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.