Header Ads

ටැමිල් ෆිල්ම්වල විදිහට කඩු, කිනිසි අරන් යාපනය හොල්ලමින් රැඟුව ‘‘ආවා‘‘ කල්ලියේ 3 ක් කොටුවුණු හැටි (Video)


මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙන්නේ කොළඹදී අත්අඩංගුවටගත් ආවා ගෲප් කල්ලියේ සාමාජිකයෙකුගෙන් බව පොලිසිය සඳහන් කරනවා. මීට මාස තුනකට පමණ ඉහතදී ‘ආවා’කල්ලියට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

ඔවුන්ගෙන් දිගින් දිගටම සිදුකල ප්‍රශ්න කිරිම්වලදී හෙලි වූ තොරතුරු මතයි මෙම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ. ආවා ගෲප් සාමාජිකයාගෙන් යාපනය පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යද්දී “ප්‍රසන්නා” දෙන නියෝගයට අනුව කටයුතු කරන බව ඔවුන් පවසයි.

මේ අතර, පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වුණේ ‘ආවා’ කල්ලියට සම්බන්ධ හැට දෙදෙනෙකු අතරින් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඇතැම් අවස්‌ථාවලදී දෙමළ චිත්‍රපටවල කඩු හරඹකරන ආකාරයට තම කණ්‌ඩායම කඩු පුහුණුව ලැබූ බවද ඔහු පවසා තිබෙනවා.

මේ අතර, ත්‍රස්ත විමර්ශන ඒකකය ඇතුළු තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව අඛණ්ඩව පරික්ෂණ ක්‍රියාත්මක කර ඇති අතර ඉදිරියේදී තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි යාපනය ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පවසා ඇත. පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකල විමර්ශනයකදී මොවුන්අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවනවා.

ප්‍රසන්නා අත්අඩංගුවට ගැනීම සඳහාද ජාත්‍යන්තර පොලිසියේ සහය පැතීමට බලාපොරොත්තු වෙන බවද පොලිස්‌ සඳහන් කළා.

පහු ගිය ජනවාරි මාසයේ යාපනය නල්ලුර් අරසඩි මං සන්ධියේ පිහිටි වෙළඳසැලකට කඩු, කිනිසි රැගෙන පැමිණි පිරිසක් එහි සිටි පුද්ගලයෙකුට පහර දෙන අයුරු වෙළඳසැලේ පිහිටි සී.සී. ටී වී. කැමරාවේ සටහන් වි තිබුණා.

මෙය “ආවා” කල්ලියේ ප්‍රහාරයක් බවට ආරක්ෂක අංශ විශ්වාස කරන බවටත් වාර්තාවුණා.

එම විඩියොව පහතින්..


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.