Header Ads

පාදුක්කම කම්පා කරමින් සිඟිත්තෙකුට දිවි අහිමිකර 3ක් රෝහල් ගතකළ මාරක අනතුර


පාදුක්ක මීපේ ඉංගිරිය මාර්ගයේ අංගම්පිටිය ප්‍රදේශයේදී ඊයේ උදෑසන සිදුවූ ත්‍රීරෝද රථ අනතුරකින් කුඩා දරුවෙකු මියගියා.

අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරු සහ කාන්තාවක් සමඟ තවත් කුඩා දරුවන් දෙදෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතල තත්වයේ පසුවූ වයස අවුරුදු 1 යි මාස වූ කුඩා දරුවායි මෙලෙස මියගොස් ඇත්තේ.

ත්‍රීරෝද රථය මීපේ දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පාදුක්ක පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.