Header Ads

විමල් වීරවංශ ලබන මස 3 දක්වා ඇතුලේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රතිශෝධන ඇප අයදුම්පත කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ අදාළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය සලකා බැලූ අවස්ථාවේදී ය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සඳහා ජනාධිපති කාර්යාලයෙන් කුලී පදනම යටතේ ලබා ගත් වාහන 40ක් සිය පවුලේ ඥාතීන්ට හා ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරීන්ට ලබා දී රජයට රුපියල් නව කෝටි 18

ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම විමල් වීරවංශ මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව ය.

ඔහු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ගාස්තු රහිතව නිශ්ප්‍රභ කිරීමට මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කළේ ය.

පසුගිය ජනවාරි මස 10 වන දා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ තමාට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළ බව විමල් වීරවංශ මහතා සිය ප්‍රතිශෝධන පත්‍රයෙන් පෙන්වා දී තිබිණි.

අද ප්‍රතිශෝධන පත්‍රය සලකා බැලූ අවස්ථාවේ මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ, කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් ඇප ප්‍රතිශෝධන පත්‍රය නිශ්ප්‍රභ කිරීම නීත්‍යානුකූල බැවින් එය අවලංගු කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ය.

විමල් වීරවංශ මහතා ලබන මස 03 වන දා දක්වා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.