Header Ads

රුවන්වැල්ලේ මාරක අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් මරුට : තවත් 5කට තුවාල (VIDEO)


රුවන්වැල්ල, අමිතිරිගල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය.

අනතුරින් මියගියේ අවුරුදු 68, 63 සහ 65 යන වයස්වල පසුවූ යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවන් ති දෙනෙකි.

තුවාලකරුවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවු කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසී ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.