Header Ads

තලවතුගොඩදී වාහන 6ක් එක පෙළට ගැටෙයි (VIDEO)


තලවතුගොඩ, ජපන් මිත්‍රත්ව මාර්ගයේ වාහන 6ක් එක පෙළට ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

පොලීසිය පැවසුවේ, තලවතුගොඩ දෙස සිට පැමිණි ටිපර් රථයක් තවත් වාහනයක් පසු කර යෑමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදු වී ඇති බව ය.

අනතුර සිදුවීමත් සමග පසුපසින් පැමිණි වාහන 5ක් එක පෙළට ගැටී තිබිණි.

පොලීසිය පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන බවය.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.