Header Ads

මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාවේ කාර්ය මණ්ඩලය තුළ ලාංකිකයින් 8 දෙනෙක්


සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සිටින බව වෙළඳ නැව් අධ්‍යක්ෂ අජිත් සෙනෙවිරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, සෝමාලියාවේ ජිබුටි වරාය අසන්නයේදී ඊයේ රාත්‍රි කාලයේදී ඒරිස් 13 නමැති නෞකාව සෝමාලියානු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ඇති බව ය.

නෞකාව සමග සන්නිවේදන කටයුතු ඊයේ රාත්‍රියේ සිට ඇනහිට තිබෙන බව ඔහු සඳහන් කළේය.

වෙළද නැව් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, මෙම නෞකාව ශ්‍රී ලාංකික ධජය යටතේ 2016 වසරේ තාවකාලික ලියාපදිංචියක් ලබාගෙන තිබෙන බව ය.

මේ අතර අදාළ නෞකාව පැහැර ගැනීමක් සිදු වූයේ දැයි යන්න මේ වනවිට යුරෝපා සංගමයේ නාවික හමුදාව තොරතුරු සොයමින් සිටින බව එහි මාධ්‍ය ප්‍රකාශක ඇමෙන්ඩා ෂෙරීෆ් මහත්මිය ප්‍රකාශ කළා ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.