Header Ads

රූමත් බිරිඳට ලැබුණු මිස් කෝල් දෙකෙන් උන්හිටිතැන් අමතකවූ සැමියා, බිරිඳව නිරුවත් කරලා කල නරුම වැඩේ


47 හැවිරිදි බිරිඳගේ දුරකථනයට ලැබුණු මිස්කෝල් දෙකක් නිසා කෝපයට පත් සැමියා විසින් බිරිඳගේ කෙස් වැටිය කපා නිරුවත් කොට පොරවකින් පහරදීමේ සිද්ධියක් ගම්පොල පැත්තෙන් අහන්න ලැබුණා.

මෙම පුද්ගලයා විසින් බිරිඳගෙන් දික්කසාදය ඉල්ලුවද එය නොලැබීම නිසා එලෙස සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමෙන් තුවාල ලැබූ බිරිඳ ගම්පොල රෝහලට ඇතුලත් කර ඇති අතර සැමියා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔහු ගම්පොළ රත්මල්කඩුව පැත්තේ පදිංචි අයෙක් වන අතර වෘත්තියෙන් පෙදරේරුවෙකු වනවා.

වැඩිවියට පත් දරුවන්ද මොවුන්ට සිටින අතර 47 හැවිරිදි රූමත් බිරිඳගේ ගමන් බිමන් පවා සීමා කර තිබූ බවයි වාර්තා වුණේ.

තවද තම බිරිඳ ගැන අවධානයෙන් සිටි සැමියා බිරිඳගේ දුරකථනයට ලැබුණු මහහැරුණු ඇමතුම් දෙකක් දැක ඒ පිළිබඳව විමසා තිබෙනවා.

එය ආරවුලක් දක්වා දුරදිගෙ ගොස් දික්කසාදය ඉල්ලා අමානුෂිකව පහරදී පොරවකින් කොටා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සැමියාව ගම්පොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනා.
(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.