Header Ads

උතුරු කොරියාවට චීනය අනතුරු ඇඟවීමක් කරයි.


කොරියානු අර්ධද්වීපය තුළ ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික තාක්ෂණයෙන් ඉවත්විය යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙම අදහස් දක්වා සිටියේ දකුණු කොරියාව හා ඇමෙරිකාව එක්ව හමුදා අභ්‍යාස ආරම්භ කිරීමත් සමග උතුරු කොරියානුවන් කුපිතව මිසයිල අත්හදා බැලීම් සිදුකරන වටපිටාවකය.

උතුරු කොරියාව පසුගිය සඳුදා දිනයේදී ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් මිසයිල අත්හදා බැලීම් හතරක් සිදුකළ බව දකුණු කොරියාව චෝදනා කරයි.

මීට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකාව විසින් දකුණු කොරියාව වෙත මිසයිල ආරක්ෂක පද්ධතියක්ද වහාම ලබාදීමද විශේෂත්වයක් ගනු ලැබීය.

ඒ අනුව, කොරියානු අර්ධද්වීපයේ ඇතිවී තිබෙන මෙම උණුසුම පාලනය සඳහා චීනය මැදිහත් වීමට සූදානම් වන අතර, එරට වාර්ෂික පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් චීන විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ මෙම දෙපාර්ශ්වය එකම පීල්ලක එකිනෙකා දෙසට වේගය වැඩි කරමින් පැමිණෙන දුම්රිය දෙකක් හා සමාන බවයි. මේ දෙපාර්ශ්වයෙන් කිසිවෙකුත් අඩියක් පස්සට ගෙන කටයුතු කිරීමට උත්සාහ නොකරන බවද චීන විදේශ අමාත්‍යවරයා පවසයි.

ඔහු ප්‍රශ්න කරන්නේ මොවුන් එකිනෙකා හා ගැටීමට සූදානම් වනවාද යන්නයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.