Header Ads

මහින්දගේ කොට්ටාව බ්ලොග්කරුගේ කොත්මලේ ත්‍රීසම් කතාව.


කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළකරමින් බ්ලොග්  සහ ෆේස්බුක් පිටු කිහිපයක් පවත්වාගෙන යන කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පහත් ගනයේ සමාජ විරෝධි ක්‍රියාවක් පිළිබඳව තොරතුරු රැසක් අපවෙත අනාවරණය වී තිබේ.

කලකට ඉහතදී හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දක්වන සමාජජාල/ වෙබ් ක්‍රියාකාරීන් පිරිසක් විසින් කොත්මලේ පිහිටි හෝටලයකදි සුහද හමුවක් පවත්වා ඇති අතර පෙර කී බ්ලොග්කරුවා විසින් එම අවස්ථාවට ඔහුගේ හිතවතියන් දෙදෙනෙකු කැඳවාගෙන එමට අදාළ ක්‍රියාකාරීන් පිරිසගෙන් ඉල්ලා තිබේ. නමුත් එම අවස්ථාවට සහභාගී විය යුත්තේ මහින්දට සහය දක්වන අය පමණක් බව පවසමින් ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

එම සමාජ ක්‍රියාකාරීන් විසින් ප්‍රතික්ෂේප කලද අදාළ බ්ලොග් කරු විසින් එම තරුණියන් දෙදෙනාව රහසිගත ලෙස ඔවුන් රැදී සිටි හෝටලයට කැඳවාගෙන විත් තිබේ.

එදින රාත්‍රියේ පිරිස විසින් ජනාධිපතිවරයාට සහ රජයට මඩ ගැසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්ද පවත්වා ඇති අතර එම කටයුතු අවසානයේ සියලු දෙනාම සිය කාමර වලට ගොස් තිබේ.

මධ්‍යම රාත්‍රියේදී කණ්ඩායම් සාමාජිකයෙකු විසින් කල සොයා බැලීමකදී අදාළ බ්ලොග්කරුවා ඔහුට හිමි කාමරයේ නොමැති බව දැක ඔහු අනෙක් පිරිසට ඒ බව දැනුම් දී තිබේ.

අතුරුදහන් වූ පුද්ගලයා පිලිබඳව පිරිස විසින් සොයා බැලීමේදී කොට්ටාවේ ජනකාන්ත, ජනතාවාදී, සුචරිතසම්පන්න බ්ලොග්කරු සම්පූර්ණ නිරුවතින් පෙර කී තරුණියන් දෙදෙනා සමඟ කාමරයේ පෙම් සයුරක ගිලී සිටින අයුරු දැක තිබේ.

මෙම සිදුවීමත් සමඟ අදාළ ක්‍රියාකාරීන් පිරිස විසින් බ්ලොග්කරුට දැඩි ලෙස දෝශාරෝපණය කර ඇති අතර මෙම සිදුවීම නිසා සියල්ලන්ටම වන හානිය ගැන සලකමින් කිසිවෙකුත් මේ පිළිබඳව සමාජයට නිරාවරණය කිරීමෙන් වැලකීමට වගබලාගෙන තිබේ. පසුගිය දිනවල අදාළ සමාජ ජාල ක්‍රියාකාරීන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම තොරතුරු අප වෙත අනාවරණය විය.

පුද්ගලයෙකුගේ පෞද්ගලික ලිංගික ජීවිතය අපට කිසිසේත්ම අදාළ නොවේ. නමුත් සිංහල බෞද්ධ ලේබලය අලවා ගනිමින්, රට ජාතිය සුරැකීමට බව පවසමින් රාජපක්ෂලාගේ පහත්පෙලේ දේශපාලන ව්‍යාපෘති ඉටුකරන්නන් කෙතරම් සදාචාරමය වශයෙන් පිරිහී ඇත්ද යන්න පිළිබඳව වාර්තා කිරීම පිණිස අප මෙම පුවත පළ කරන්නෙමු.

(මෙම සිදුවීමට අදාළ පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයින්ගේ ගරුත්වය ගැන සලකා නම් සඳහන් නොකිරීමට කතෘ මණ්ඩලය තීරණය කල බව කරුණාවෙන් සළකන්න )

http://harigossip.com

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.