Header Ads

සයිටම් ජනසතු නොකළොත් දැවැන්ත වැඩ වර්ජනයක්‌. - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.


මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු තවත් සංවිධාන රැසක්‌ එක්‌ව ඊයේ (3 දා) කොළඹ ජාතික රෝහලේ සිට විහාරමහා දේවී උද්‍යානය තෙක්‌ පෙළපාලියකින් පැමිණි අයුරු. ඡායාරූපය - කමල් බෝගොඩ

අජිත් අලහකෝන්

ප්‍රොaඩාකාරී ලෙස ජනතාව රවටමින් සිටින සයිටම් ආයතනය වහා ජනසතු කර රාජ්‍ය යාන්ත්‍රණයකට යටත් නොකළහොත් සියලු බලවේග ඒකරාශී කරමින් ඉදිරියේදී දීප ව්‍යාප්ත බරපතළ අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ රට පුරා ක්‍රියාත්මක කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට අනතුරු අඟවා සිටී.

මේ යටතේ ඊයේ (03 දා) පෙරවරු 8.00 සිට මධ්‍යාහ්න 12.00 දක්‌වා බස්‌නාහිර පළාතේ සියලු රජයේ රෝහල්වල පැවැත්වූ පැය හතරක වැඩවර්ජනය අද පෙරවරු 8.00 දක්‌වා පැය විසිහතරක්‌ පුරා ව්‍යාප්ත කළ බව ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

මාතෘ, ළමා සහ පිළිකා රෝහල්ද වකුගඩු ප්‍රතිකාර ඒකකවලද හැර සිසු රෝහල්වල ක්‍රියාත්මක වූ මෙම වැඩ වර්ජනය සාර්ථක බවද කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙම සියලු විරෝධතා පිළිබඳ බලධාරීන් අඳ ගොළු බිහිරි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්නේ නම් මින් ඔබ්බට දිවෙන දීපව්‍යාප්ත බරපතළ වැඩවර්ජනයකට අවතීර්ණ වන බවද ප්‍රකාශ කළේය.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට්‌ කිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තාක්‌ෂණික කමිටු වාර්තාවට සෞඛ්‍ය ඇමැතිවරයා අත්සන් තබා ඊට නීතිමය වලංගුභාවය ලබාදීම සහ වෛද්‍ය සභාවේ අනුකූලතා සහතිකයක්‌ නොමැතිව සයිටම් ආයතනයට වෛද්‍ය උපාධි ප්‍රදානය කිරීමේ බලයක්‌ ලැබී නැති බව උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා විසින් උසාවියට දැනුම්දීම යන කරුණු ක්‍ෂණිකව ඉටු කළ යුතු බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට දැනුම් දී සිටී.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.