Header Ads

ඉන්ෆ්ලූවෙන්සා වෙනුවෙන් සෞඛ්‍ය අංශ සීරුවෙන්.


මාලදිවයිනේ පැතිර ඇති සූකර උණ පිළිබඳව මෙන්ම එච්. වන්. එන්. වන්. ඉන්ෆ්ලූවෙන්සා වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය බලධාරීන් අවධානයෙන් පසුවනවා.

අප කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර කියා සිටියේ අදාළ රෝගවාහකයන් හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් මෙරට ක්‍රියාත්මක බවයි.

මාලදිවයිනේ සූකර උණ රෝගය පැතිරීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයද ප්‍රකාශ කළා.

මේ දිනවල පවතින මෙම බෝවන රෝග තත්ත්වය හේතුවෙන් මාලදිවයින් රජයේ සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය සංචාර සඳහා අවදානමක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ නිසා මාලදිවයින වෙත ගමන් කරන සහ එහි සිට පැමිණෙන ගුවන් යානා සඳහා බෝ වන රෝග වැළැක්වීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

එමෙන්ම මාලදිවයින වෙත සිදුකරන ගුවන් ගමන්වලදී ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලය මුහුණු ආවරණ පළදිනු ඇති. එම ආවරණ අවශ්‍ය  ඕනෑම මගියෙකුට ඒවා සැපයීමට ද ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.