Header Ads

කොංග්‍රස් සහාය නොලැබීම හමුවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ සෞඛ්‍ය පනත ඉල්ලා අස්කර ගනී


අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ සෞඛ්‍ය පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පත ඔහු විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

ඒ එම කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝග කොංග්‍රස් මණ්ඩලයෙන් නොලැබීම හේතුවෙනි.

හිටපු ජනපති බරැක් ඔබාමා හඳුන්වා දුන් සෞඛ්‍ය රක්ෂණ පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම පනත ගෙන එනු ලැබීය.

නව සෞඛ්‍ය ආරක්ෂණ පනත සම්බන්ධයෙන් ඊයේ දිනයේ අවසන් තීරණයක් ගන්නා ලෙස අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට සෙනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය නොලැබී ඇති බවය.

පෙරේදා දිනයේ මේ සඳහා වූ අවසන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණ ද, ඇතැම් රිපබ්ලිකන් පාක්ෂික නියෝජිතයින්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ එය සිදු වූයේ නැත.

කෙසේ වෙතත් ඡන්ද විමසීම පැවැත්වීමට පෙර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පාක්ෂිකයින්ට පවසා ඇත්තේ තමන් ඉදිරිපත් කරන සෞඛ්‍ය පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පතට සහයෝගය නොලැබුණු හොත්, පවතින පනත ඉදිරියට ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.