Header Ads

නීති විරෝධීව සෞදියේ රැඳී සිටින ශ්‍රමිකයින්ට රටින් පිටවීමට පොදු සමා කාලයක්.


සෞදියේ නීති විරෝධිව රැඳී සිටින ශ්‍රමිකයින්ට රටින් පිටවීම සඳහා අද සිට පොදු සමා කාලයක් ලබා දී තිබේ.

එය අද සිට මාස තුනක කාලයක් ක්‍රියාත්මක වනු ඇති.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ, සෞදි රජය තුළ නේවාසික වීසා නොමැතිව සහ දේශ සීමා නීති උල්ලංඝණය කරමින් සිටින පුද්ගලයින් වෙනුවෙන් මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි.

මෙම කාල සීමාව තුළ ඉවත්ව නොයන පුද්ගලයින් වෙනුවෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද සෞදි රජය නිවේදනය කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.