Header Ads

දිනේෂ් ගුණවර්ධනට පැනවූ පාර්ලිමේන්තු තහනම සතියකට දික්කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාට අද දිනය සදහා පැනවූ පාර්ලිමේන්තු තහනම සතියක කාලයකට දීර්ඝ කර තිබෙනවා.

ඒමේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ ජන්ද විමසීමකින් පසුවයි.

මෙහිදී දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තු තහනමක් පැනවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 85 දෙනකු ජන්දය භාවිතා කරනු ලැබුවා.

ඊට විපක්ෂව ජන්දය භාවිතා කරනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 22 නකු පමණයි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 3න් දෙනකු එම අවස්ථාවේ සභා ගැබේ රැදී සිටියද ඔවුන් ජන්දයට සහභාගී වූයේ නැහැ. මන්ත්‍රීවරුන් 114 දෙනකු මෙම අවස්ථාවේදී සභා ගැබේ නොසිටීමද විශේෂත්වයක්.

ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ස්වාධීන වීමට අවසර ලබා නොදිය හැකි බවයි කතානායකවරයා අද දැනුම් දුන්නේ.ඊට දිගින් දිගටම විරෝධය පල කිරීම මතයි දිනේෂ් ගුණවර්ධන මහතාට මෙම තහනම පැනවුණේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.