Header Ads

අමෙරිකාවට ගුවන් මගින් පැමිණෙන්නන්ට විද්‍යුත් උපාංග රැගෙන ඒම තහනම් කෙරේ


අමෙරිකාවට ගුවන් මගින් පැමිණෙන මගීන්ට ලැප්ටොප්, පරිගණක ඇතුළු විද්‍යුත් උපාංග රැගෙන ඒම තහනම් කිරීමට හේතුව අයි.එස්.ත්‍රස්ත අවධානමක් මතුවීම බව එරට මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.

බලධාරීන් පැවසූවේ, ත්‍රස්තවාදී කණ්ඩායම් ගුවන් යානා ඉලක්ක කරමින් සිටින බවට සහ පාරිභෝගික භාණ්ඩ තුළ සඟවා පුපුරන ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කරමින් සිටින බවට ලැබුණු බුද්ධි අංශ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් එම පියවර ගත් බව ය.

අමෙරිකාවට ගුවන් මගින් පැමිණෙන මගීන්ට ලැප්ටොප්, පරිගණක ඇතුළු විද්‍යුත් උපාංග රැගෙන ඒම තහනම් කිරීමෙන් පසුව බ්‍රිතාන්‍ය ද මැදපෙරදිග කලාපයේ රටවල් 6කට එම තහනම පනවනු ලැබිණි.

මේ අතර විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ කැනඩාව ද ගුවන් මගින් පැමිණෙන මගීන්ට විද්‍යුත් උපකරණ රැගෙන ඒම තහනම් කිරීමට අවධානය යොමු කර ඇති බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.