Header Ads

ගමම හඬවමින් එකම තැන අවසන් ගමන් ගිය ජනක සහ සකුරා.


විවාහ ගිවිස ගැනීමට දින කිහිපයක් තිබියදී සියල්ලන් සංවේගයට පත් කරමින් තරුණ යුවළක් යතුරුපැදි අනතුරකින් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පැලවත්ත ගොරකදූව ප්‍රදේශයේ පදිංචි ජනක නම් තරුණයෙක් සහ කුම්බදූව පදිංචි සකුරා නම් තරුණියක්.

තරුණිය පෞද්ගලික පංතියකට සහභාගී වී නැවත සිය පෙම්වතා සමඟ නිවස  බලා ගමන් කරමින් සිටියදීයි මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණදී ඇත්තේ.

මීගහතැන්න අගලවත්ත මාර්ගයේ කොක්කුඹුර ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක මොවුන් ගමන් කළ යතුරුපැදිය ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තරුණිය නාගොඩ රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගොස් තිබෙනවා.

අනතුර පිළිබඳව මීගහතැන්න පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.