Header Ads

මහින්දට දරුණු රෝගයක් – සෞඛ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්


හිටපු ජනාධිපතිවරයා ඇතුලු ඒකාබද්ධ විපක්ෂය සරම්ප රෝගයට ගොදුරුව ඇති බව පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් පිරිසක් සමග නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බලය බෙදීම ගැන අවබෝධයක් නැහැ. හැබැයි බලය ඩැහැගැනීමට නම් අවබෝධය තිබෙනවා. නව ව්‍යවස්ථාවේ දී බුද්ධාගම රාජ්‍ය ආගම වන අතර, සියළු ආගම්වලට සාධාරණත්වය ලබාදීමේ යෝජනාවක් ඇතුලත්. ඒකීය ආණ්ඩු ක්‍රමයක් යටතේ බලය බෙදා හැරෙනවා. යම් පළාත් සභාවක් බෙදුම්වාදය ගැන කථා කළහොත් එය විසුරුවා හැරීමේ බලය මධ්‍යම රජය සතු බවට වූ වගන්තියක් ද ඊට ඇතුළත්.

නව ව්‍යවස්ථාවට ද්‍රෝහිකම් කරන්නා දේශද්‍රෝහියෙක්. ඇල්බට් අයිස්ටයිම්න් වරෙක ප්‍රකාශ කර තිබෙනවා ඊනියා දේශප්‍රේමියා රෝගියෙක් කියලා. ශරීරය පුරා පැතිර යන සරම්ප රෝගියෙක් ලෙස ඊනියා දේශප්‍රේමියා ඔහු හදුන්වා දී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා ඇතුලු ඒකාබද්ධ විපක්ෂයත් ඒ ආකාරයට සරම්ප රෝගයට ගොදුරු වී ඇති බවයි මට ප්‍රකාශ කරන්නට තිබෙන්නේ.”

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.