Header Ads

රාජපක්ෂවරුන්ගේ නිරුවත අගෝස්තුවේදී බලාගන්න - අනාවැකිය හරියන බව රාජිත කියයි


රාජපක්ෂවරුන්ගේ නිරුවත අගෝස්තු මාසය වනවිට මේ රටේ ජනතාවට දැකබලා ගත හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

පාර්ලිමේන්තුව ලිප්ටන් වටරවුම නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් දැනගත යුතු බව ද නව ව්‍යවස්ථාව සකස් කිරිම පිළිබදව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධවේදීන් පිරිසක් සමග පැවැත් වූ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා "ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය උචිත නැහැ. ඔවුන් සිතාගෙන සිටින්නේ පාර්ලිමේන්තුව ලිප්ටන් වටරවුම කියලයි. ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ගැන කථා කරන්න පුළුවන් අය නැහැ. ජනතාවගේ මුදල් සූරා කෑ පිරිසක් තමයි ඒකාබද්ධ විපක්ෂයේ සිටින්නේ. ඇතැම් අය දේශපාලනයේ "අ” යන්න කියන්නවත් දන්නේ නැහැ. කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැති පුද්ගලයින් ද එහි සිටිනවා. 

"යහපාලන රජයේ සංක්‍රාන්ති සමය මේ වනවිට ගෙවී යනවා. ඉන් පසු ශක්තිමත් බලවේගයක් ලෙස 2020 පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත් වෙනවා. රාජපක්ෂවරුන්ගේ නිරුවත අගෝස්තු මාසය වනවිට මේ රටේ ජනතාවට දැකබලා ගන්න පුළුවන්. දේශපාලන ක්ෂේත්‍රයේ මම ප්‍රකාශ කළ අනාවැකි නිවැරදි වී තිබෙනවා.“ යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
http://am.lk

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.