Header Ads

ඩැමස්කස් අගනුවර ප්‍රධාන අධිකරණ සංකීරණයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.


සිරියාවේ ඩැමස්කස් අගනුවර ප්‍රධාන අධිකරණ සංකීරණයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව හෝ තුවාල ලබා ඇති බවයි.

මරාගෙන මැරෙන බෝම්බකරු පැලස් ඔෆ් ජස්ටිස් නමැති අධිකරණ සංකීරණය තුළ සිය බෝම්බය පුපුරවා ගෙන ඇති බව සිරියානු රජයේ රූපවාහිනිය වාර්තා කළේ ය.

සිරියානු පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාර ගෙන නොමැත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.