Header Ads

ජවිපෙ නලින්ද – ඇමැති දුමින්ද රහස් හමුවේ ඇත්ත හෙළිවෙයි!


ජනතා විමුක්ති පෙරමු‍ණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ශ්‍රීලනිප මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ සිට එළියට පැමිණෙන ඡායාරූපයක් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි තුළ පල කිරීමෙන් මහත් ආන්දෝලනයක් ඇතිවිය.

මෙය එක් දේශපාලන කුමන්ත්‍රණයක් බවට එම ඡායාරූප පල කළ අයගේ අදහස වී තිබිණි.

කෙසේවෙතත් මේවන විට හෙළිවන පරිදි මෙය හුදෙක් දේශපාලන කුමන්ත්‍රණයක් නොවෙයි.

2017 ඔක්තෝබර් මස දි රුසියාවේ පැවැත්වෙන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලට සහභාගි වන කණ්ඩායම තෝරා ගැනීමේ ජාතික සූදානම් කිරීමේ කමිටුව සාකච්ඡාවක් සඳහා අදාල මන්ත්‍රීවරයා දකුණු පළාත් සභා අමාත්‍ය වීරසූමන වීරසිංහ මහතා ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ 7 ක තරුණ සංවිධාන ක්‍රියාකාරිකයෝ අදාල සාකච්ඡාවට සහභාගි වී ඇත.

මෙවැනි සාකච්ඡා කිහිපයක් දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ නිවසේ පැවැති අතර ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ වල තරුණ ක්‍රියාකාරිකයෝ මෙලස හමු වූ ප්‍රථම අවස්ථාව ද මෙය විය හැකි බව වාර්තා වේ.

ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල සහභාගි වන මෙරට තරුණ තරුණියන් අතර පෙර සූදානමක් ඇති කිරීම මෙම කමිටුවෙ වගකීම බවත් දේශපාලන කුමන්ත්‍රණ කිසිවක් මෙහි නොවූ බවත් ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.

අදාල කමිටුවේ ඉදිරි පියවර පිළිබඳව වන මීළඟ සාකච්ඡාව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිතව ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.