Header Ads

මම ආත්ම ගෞරවය රැකගෙන හිටියා. කාගෙවත් පදයට නටන්න ගියෙ නැහැ,-බිපාෂා බාසු

ලන්ඩන් නුවර පැවැත්වුණු මෝස්තර නිරූපණ සංදර්ශනයකට ඇරයුම් ලද සුරූපී නිළි බිපාෂා බාසු, අවසන් මොහොතේදී එයට සහභාගි නොවූ කතාවක් පසුගිය සතියක මේ පිටුවේ සටහන් වුණා. 

මේ සිදුවීමෙන් පසුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ එම සංදර්ශනයේ සංවිධායකවරුන් පැවසුවේ බිපාෂා ඊට සහභාගි වීමට එකඟ වී ස්ටර්ලින් පවුම් 7,800ක මුදලක් ද ලබාගෙන ලන්ඩනයේ හෝටල් කාමරයට වී සිටි බවයි. එදා ඔවුන් එල්ල කළ එම චෝදනාවට බිපාෂා බාසු අද උත්තර දී තිබෙනවා.

බිපාෂා පවසන්නේ තමන් කිසිදු ‍මොහොතක කිසිවකුගේ පදයට නටන්නට ලෑස්ති නැති බවයි. ඇය සමඟ ඇගේ සැමියා වන කරන් සිං ග්‍රෝවර් ද අදහස් දක්වා තිබුණා.

“මම මේ සංදර්ශනයට සහභාගි වෙන්න ගියේ කොන්දේසි කිහිපයකට එකඟ වීමෙන් පස්සෙ. කලින් නියම කරගත් විදිහට මම ලන්ඩන්වලට ගියා. එතනදි මට තේරුණා, සංවිධායකවරු කලින් ගිවිස ගත්ත මුදලට වඩා අඩුවෙන් ගෙවන්න ලෑස්ති වෙනවාය කියලා. මීට කලින් මම මේ විදිහේ නොසලකා හැරීමකට ලක්වෙලා නැහැ. මම ආත්ම ගෞරවය රැකගෙන හිටියා. කාගෙවත් පදයට නටන්න ගියෙ නැහැ, කාටවත් මාව මෝඩයාට අන්දන්න දුන්නෙ නැහැ” බිපාෂා එලෙස ප්‍රතිචාර දැක්වූවා. සංවිධායකවරුන් ස්ටර්ලින් පවුම් 7,800ක් ගෙවූ බවට නැ‍ඟෙන චෝදනාවට බිපාෂා මෙලෙස උත්තර බැන්දා... “ලන්ඩන්වලට ඇවිත් හොටෙල් එකක් බුක් කරගත්තෙ මගේම වියදමින්. මම නම් කවදාවත් මේ වගේ අනුකම්පා විරහිත අත්දැකීමක් කාගෙන්වත් ලැබිල නැහැ. මම විශ්වාස කරන්නෙ අපි නිතරම ආත්ම ගෞරවය රැකගෙන ජීවත් වෙන්න ඕනෙ කියලයි. ඒ නිසයි මම එදා නිරූපණ සංදර්ශනයට නොගියේ.”

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.