Header Ads

ඉන්දියාව, ඊජිප්තුවේ සිටි ලොව බරම ගැහැණිගේ බර බස්සයි


ලෝකයේ දැනට ජීවත්වන බර වැඩිම කාන්තාව ලෙස වාර්තාගත වී සිටිනඑමාන් අහමඩ් නමැති ඊජිප්තු ජාතික 35 හැවිරිදි කාන්තාව ඉන්දියාවේදී සැත්කමකට භාජනය කර තිබෙනවා. 

ලොව බරෙන් වැඩිම කාන්තාව සේ සැලකෙන ඇය මෙම සැත්කමෙන් තම සිරුරේ බර කිලෝ ග්‍රෑම් 100න් අඩුකරගෙන තිබෙනවා. මේ වනවිට ඇයගේ බර කිලෝග්‍රෑම් 400ක්.

ඇ වසර 25ක් නිවසින් පිටතට ගොස් නැති බවයි පැවසෙන්නේ.

ඇය, සුපිරි නළු සල්මන් ඛාන්ගේ ලොකුම රසිකාවිය බවත් පැවසෙනවා.මුම්බායි බලා පැමිණියේ ශල්‍යකර්මය කරගැනීමට වුණත් එමාන්ගේ ඊළඟ සැලකිල්ල යොමුවී තිබුණේ තම ප්‍රියතම නළු සල්මන්ව මුණ ගැසීමටයි.

මේ බව දැනගත් සල්මන්ගේ සොහොයුරකු වන අර්බාස් ඛාන් පැවසුවේ සල්මන්ව මුණගැසීමට රසික රසිකාවියන් විශාල පිරිසක් සිටිය ද, ඒ හැම කෙනෙකුම මුණ ගැසීමට තරම් විවේකයක් ඔහුට නැති බවයි. 

කෙසේ වෙතත් එමාන්ගේ ඉල්ලීම ඉටුකිරීමට සල්මන් උත්සාහ ගනු ඇතැයි අර්බාස් ඛාන් පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුණා. රෝහල් ගත කර සිටින එමාන් ශල්‍යකර්මයට යොමු කරන තුරු වාට්ටුවේ රැඳී සිටිමින් සල්මන් රඟපෑ ‘සුල්තාන්’, ‘කික්’ සහ ‘ඩාබාන්’ යන චිත්‍රපට නරඹමින් සිටි බවයි පසුගිය සතියේ මුම්බායි නුවරින් වාර්තා වුණේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.