Header Ads

බීබීසී ලයිව් එක අල කරපු පොඩ්ඩො දෙන්නා (වීඩියෝ)


සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ අතිජනප්‍රියම වීඩියෝ අතරට එක්වන්නේ සුපිර් තරුවක්. නැතිනම් ආන්දෝලාත්මක යමක්, කලා අංශයේ යමක් හෝ හාස්‍යයෙන් පිරුණු යමක්.

පසුගිය සතියේ දී සියළු සමාජ ජාල තුළ ජනප්‍රියම වීඩියෝ අතර එක්වූයේ දරුසුරතල් හා හාස්‍යය පිරුණු වීඩියෝවකි.

බීබීසී ලෝක සේවය හා සජීවී ව සම්බන්ධ වී සිටි මහාචාර්යවරයෙකු ගේ කතාබහ අතරට පැමිණි නොදරුවන් දෙදෙනෙකුගේ සුරතල් වැඩකිඩ ඇතුළත් වීඩියෝව මේ වන විට මිලියන ගණනක් විසින් නරඹා අවසන්.

දකුණු කොරියාවේ මතුව තිබෙන වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් බීබීසී සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ මහාචාර්ය රොබර්ට් කෙලීට අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ පෑමට සිදු විය.

සිය නිවසේ කාර්යාල කාමරයේ සිට දකුණු කොරියාවේ දේශපාලන තත්වය පිළිබඳ වග්‍රහයක නිරත වන අතරතුරේදී ඔහුගේ දරුවන් දෙදෙනා එම කාමරයට ඇතුල් වන

මෙම අවස්ථාවට මුහුණදීමට සිදුවූයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහාචාර්ය රොබර්ට් කෙලී ය. සිය නිවසේ කාර්යාල කාමරයේ සිට දකුණු කොරියාවේ දේශපාලන තත්වය පිළිබඳ වග්‍රහයක නිරත වන අතරතුරේදී ඔහුගේ දරුවන් දෙදෙනා එම කාමරයට ඇතුල් වන අතර, කඩිමුඩියේ දිවගෙන එන මහාචාර්යා ගේ බිරිඳ විගස දරුවන් දෙදෙනා කාමරයෙන් පිටතට ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝව පහත දැක්වේ.
නමුත් සන්සුන්ව සිය සම්මුඛ සාකච්ඡාව අවසන් කිරීමට ඔහු කටයුතු කළේය.


http://www.bbc.com/sinhala/world-39233150

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.