Header Ads

පංචස්කන්ද පිනවන චීන සැප සවාරි පින පෑදේ.. ටිකට් බෙදාගන්න පිරිමිනර්ස්ලා, බස්ගැමුණලා මාරාන්තික යුද්දයක්..


ජාතික වෘත්තීය සමිති සන්ධානයට ලැබී ඇති චීන සංචාර වාසනාවක් සදහා එක්වීමට එම වෘත්තීය සමිති නායකයන් අතර දැඩි ගැටුම් කාරී තත්වයක් මතුව තිබේ.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ හෙද, තැපැල්, දුම්රිය සේවාවල වෘත්තීය සමිති තුනක පිරිසක් ඊට මේ වන විටත් තෝරාගෙන ඇති බවත් ඒ අතර විශ්‍රාමිකයකුද සිටින බවත්ය.

මෙම සන්ධානයේ ප්‍රධානියෙකු වන ගැමුණු විජේරත්න මහතා හා වරාය වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනකු දැනට කර ඇති තෝරා ගැනීමට දැඩි විරෝධය පළ කර තිබේ.

කෙමේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පල කරන හෙද නිලධාරී සමන් රත්නප‍්‍රිය පවසන්නේ මෙම පිරිස තෝරාගනු ලැබුවේ වෘත්තිය සමිති නායකයන්ගේ අනුමැතිය ඇතිව බවත් මෙවැන් සුළු මතගැටුම් සාමාන්‍ය සිදුවීම් බවත් වාර්තා කිරීමට තරම් ප්‍රවෘත්තියක් නොවන බවත්ය.

(under the courtesy of lankacnews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.