Header Ads

ගීතා කුමාරසිංහට මන්ත්‍රී අසුන අහිමි වෙයිද?


ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි වීම හේතුවෙන් නිසා ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ එම මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව ලබන මැයි 03 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (14) තීන්දු කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව අද කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා පැවසුවේ ද්විත්ව පුරවැසිභාවය හොබවන යම් තැනැත්තෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නුසුදුසු බව ආණ්ඩු‍ක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති බවයි.

ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය අවලංගු කර ගෙන ඇති බවට කිසිඳු සාක්‍ෂියක් නොමැති බවද අධිකරණයේදී අද ප්‍රකාශ කෙරිණි.

අදාළ රීට් පෙත්සම ගොණුකරනු කර තිබුණේ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු විසිනි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.