Header Ads

බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති පාර්ක් ගුවෙන් – හයි අත්අඩංගුවට


දූෂණ චෝදනා මත බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු හිටපු ජනපති, පාර්ක් ගුවෙන්-හයි අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්ක් ගුවෙන්-හයි අද අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඒ සඳහා ලැබුණු අධිකරණ අවසරයක් මත ය.

වයස 65 හැවිරිදි පාර්ක් ගුවෙන්-හයි මේ වන විට සෝල් අගනුවරට දකුණු දෙසින් වූ රැදවුම් මධ්‍යස්ථානයකට රැගෙන ගොස් ඇතැයි BBC මාධ්‍ය වාර්තා කළේ ය.

චෝයි සූන් සිල් නැමති සිය මිතුරියකට, රාජ්‍ය මූල්‍ය කටයුතුවලට මැදිහත්වීමට ඉඩ ලබාදුන් බවට ඇයට චෝදනා එල්ලවී තිබේ.

පාර්ක් ගුවෙන්-හයි මේ මස මුලදී ධුරයෙන් පහ කෙරුණු අතර ඇය තමාට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළ සිටියා ය.

අල්ලස, බලය අවභාවිතය සහ රාජ්‍ය රහස් හෙළි කිරීම යන චෝදනා යටතේ පාර්ක් ගුවෙන්-හයි ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක අතර සෝල් මධ්‍යම දිසා අධිකරණය ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළේ ය.

අධිකරණය ප්‍රකාශ කළේ, මෙම චෝදනාවන්ට අදාළ සාක්ෂි විනාශ කිරීමේ අවධානමක් පවතින බැවින් පාර්ක් ගුවෙන්-හයි අත්අඩංගුවට ගැනීම යුක්ති සහගත සහ අත්‍යවශ්‍ය කාරණාවක් වන බව ය.

ඒ අනූව, හිටපු ජනපතිනිය අත්අඩංගුවටගත් අතර ඇයගේ සහයකයින් ජාතික කොඩි අතැතිව ඇයව නිදහස් කරන්නැයි විරෝධතාවල නිරත වී තිබේ.

අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට පත් වූ දකුණු කොරියාවේ 3වන හිටපු ජනපතිනිය වන්නේ, පාර්ක් ගුවෙන්-හයි ය.

ඇයට එරෙහි චෝදනා අධිකරණයේ තහවුරු වුවහොත් වසර 10කට සිරගතවීමට සිදුවණු ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.