Header Ads

මාරාන්ති උපවාසය බොරුවක් – රනිල්ගේ මැදිහත්වීමෙන් විමල්ට ඇප ?


රක්ෂිත බන්ධනාගාරය තුළ උපවාසයක නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබාදීම සඳහා වූ විශේෂ මැදිහත්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හරහා මේ වනවිට සිදුවෙමින් තිබෙන බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විමල් වීරවංශ මහතා අතර ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සිදුව ඇති රහසිගත සාකච්ඡාවකින් පසු විමල් වීරවංශ මහතාට ලැබී ඇති නීති උපදෙස් අනුව තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඔහු සිය නීතීඥයින් මාර්ගයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුමක් ගොනු කර ඇත. ඒ අනුව හෙට (23) දින ඔහුට ඇප ලබාදීමට නියමිත බව වාර්තා වේ.

රජයේ වාහන 40ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ඔහු අවස්ථා දෙකකදී මහේස්ත්‍රාත් අධිකරණයේදී සහ කොළඹ මහාධිකරණයේදී ඇප අයදුම්පත් ගොනු කළද එම ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.

ඊයේ දින කොළඹ මහාධිකරණයේදීද විමල් වීරවංශ මහතාගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේපවීමෙන් පසු දිනේෂ් ගුණවර්ධන මහතා මැදිහත් වී අග්‍රමාත්‍යවරයා සමග අදාළ සාකච්ඡාව සූදානම් කර ඇති අතර එහිදී පැමිණි එකඟතා අනුව හෙට දින ඔහුට ඇප හිමිවනු ඇත.

විමල් වීරවංශ විසින් අද පෙරවරුවේ සිට උපවාසයක් ආරම්භ කර ඇති අතර හදිසියේම තමන්ට ඇප ලැබීම සම්බන්ධයෙන් සමාජයේ කතා බහක් ඇතිවීම වලක්වාලමින් තමන් සටන් කර ඇප ලබාගත්තේ යැයි හැඟවීම සඳහා මෙලෙස උපවාසයක් ආරම්භ කර තිබේ.

මේ අතර අද පැවති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීම මහතා සඳහන් කර සිටියේද විමල් වීරවංශ මහතා තමන්ට ඇප ඉල්ලා උපවාසය ආර්ම්භ කළ බවය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.