Header Ads

ඔබාමාගේ කාලගුණික ප්‍රතිපත්ති වෙනස් කිරීමට ට්‍රම්ප් සැරසෙයි.


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔබාමා පාලන සමයේ එළඹ තිබූ කාලගුණික විපර්යාසවලට අදාළ ප්‍රතිපත්ති මාලාව වෙනස් කර තිබේ.

එය වෙනස් කරමින් නව විධායක නියෝගයකට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව බැරැක් ඔබාමා පාලන සමයේදී තහංචි පනවා තිබූ ගල් අගුරු කැණීම ඇතුළු පොසිල ඉන්ධන නිෂ්පාදනයට අදාළ රෙගුලාසි ලිහිල් කර ඇති බව වාර්තා වෙයි.

අදාළ විධායක නියෝගයට අත්සන් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමා විසින් මෙතෙක් පැවති රැකියා කප්පාදුවට අදාළ රෙගුලාසි ඉවත් කල බවයි.

මෙමඟින් ගල් අඟුරු කර්මාන්තය වැනි කර්මාන්ත ක්ෂේත්‍රවල නව රැකියා අවස්ථා බිහි වනු ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

බැරැක් ඔබාමා විසින් එකඟත්වය පළ කරන ලද පැරිස් කාලගුණික විපර්යාස සම්මුතියෙන් තමා ඉවත් වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ සමයේදී ද ප්‍රකාශ කර තිබුණි. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.