Header Ads

උපවාසයේ නිරත මන්ත්‍රී විමල් ජාතික රෝහලට මාරු කර යවයි


උපවාසයක නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද දහවල් මන්ත්‍රීවරයා ජාතික රෝහලට මාරු කර යැවු බවයි.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් මන්ත්‍රීවරයා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

ඔහුට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම ද කොළඹ මහාධිකරණය පසුගිය දා ප්‍රතික්ෂේප කළේ ය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා බන්ධනාගාරය තුළදී උපවාසයක් ආරම්භ කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.

විමල් විරවංශ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අප ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, විමල් විරවංශ මහතාගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

ඊට අදාළ වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතින බව ද වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා සඳහන් කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.