Header Ads

පොප් ගායිකා ශකීරාට හා වයිව්ස්ට එරෙහිව ස්පාඤ්ඤ අධිකරණයක නඩුවක්.


ගීත පද රචනයක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් කොළොම්බියාවේ සුපිරි පොප් ගායිකාවක වන ශකීරාට සහ කාර්ලෝස් වයිව්ස්ට එරෙහිව ස්පාඤ්ඤ අධිකරණයක නඩුවක් ගොනු කර තිබේ.

මෙම නඩුව ගොනු කර තිබෙන්නේ, කියුබානු ජාතික සංගීතඥයෙකු වන ලිවාන් රෆීල් විසිනි.

ලිවාන් රෆීල් පවසන්නේ, ඔහු මීට වසර 10කට පෙර රචනා කරන ලද ගීත පද රචනයක කොටසක් ශකීරා සහ කාර්ලෝස් වයිව්ස්ගේ ගීතයක් සඳහා යොදා ගෙන ඇති බව ය.

‘La Bicicleta’ නම් එම ගීතය සඳහා පසුගිය වසරේදී ග්‍රැමී ගැටිනෝ සම්මානය ද හිමි විය.

ස්පාඤ්ඤ අධිකරණ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, මෙය බුද්ධිමය දේපළ සම්බන්ධ ගැටලුවක් වන අතර මෙහිදී ප්‍රධාන වශයෙන් මෙම ගීතයේ තනුව සහ ගීත පද රචනා දෙකෙහි Chorus එක වෙත අවධානය යොමු වී තිබේ.

අදාළ චෝදනාවට ලක් වී ඇති ශකීරාගේ සහ කාර්ලෝස් වයිව්ස්ගේ La Bicicleta ගීතය පහතින් නැරඹිය හැකි ය.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.